සිරියාවේ තත්ත්වය විසඳා ගැනීම සඳහා සාම සැලැස්මකට එළැඹෙන ලෙස ආරක්ෂක මණ්ඩලයේ විවිධ සාමාජික රටවල් ඉල්ලා සිටී.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිරියාවේ තත්ත්වය පිළිබඳ සංවෘත සාකච්ඡාවක් ඊයේ(9) පැවැත්වීය. සිරියානු ජනතාවගේ යහපැවැත්ම සලකා බලා හැකි ඉක්මනින් සාම සැලැස්මකට එළැඹෙන ලෙස අදාළ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව ආරක්ෂක මණ්ඩලයේ විවිධ සාමාජික රටවල නියෝජිතවරු මෙහිදී මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසූහ.
සිරියාවේ තත්ත්වය හැකි ඉක්මනින් ස්ථාවර වීමටත්, සහභාගිත්වයෙන් යුතු දේශපාලන ක්‍රියාවලියක් ආරම්භ කිරීමටත් හැකි වනු ඇතැයි චීනය අපේක්ෂා කරන බව එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එහිදී කියා සිටියේය. එමෙන්ම, සිරියාවේ සියලු පාර්ශ්වයන් ජනතාවගේ අවශ්‍යතාවලට මුල් තැන දිය යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටවල් ඇතුළු විවිධ පාර්ශ්ව, සිරියාවේ තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් පසුගිය සති අන්තයේ දී, දුරකථන සංවාද හා සාකච්ඡා යනාදී රාජ්‍යතාන්ත්‍රික ප්‍රයත්න රැසක් ගත් බව එක්සත් ජාතීන්ගේ බ්‍රිතාන්‍ය නිත්‍ය උප නියෝජිත James Kariuki මහතා පැවසීය.