සිව් වන ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනය ලබන 25 වන දා සිට 29 වන දා දක්වා චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ දී පැවැත්වීමට සූදානම් වෙයි. එහි දී ඩිජිටල් නිෂ්පාදන රැසක් චීනය තුළ මෙන්ම ආසියාව සහ ගෝලීයව ද මුල්වරට ප්‍රදර්ශනය කිරීම විශේෂත්වයකි.
මෙම ප්‍රදර්ශනය සඳහා මේ වනවිට ව්‍යාපාර 1700 ක් පමණ ඔවුන්ගේ සහභාගීත්වය තහවුරු කර ඇත. ඒ අතරින් අන්තර්ජාතික ප්‍රදර්ශකයින්ගේ අනුපාතය 20%කට අධික වන අතර, ලොව පුරා මුල් ස්ථාන 500යේ සිටින ව්‍යාවසායන් 70කට වැඩි සංඛ්‍යාවක් ඊට ඇතුළත් බව ද චීන ජාතික රාජ්‍ය මණ්ඩලය අද (11) පැවැත් වූ මාධ්‍ය හමුවේ දී දැනුවත් කළේය.