සිව් වන ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනය ඇරඹේ

සිව් වන ගෝලීය ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනය අද(25) චීනයේ Zhejiang පළාතේ Hangzhou නගරයේ දී ආරම්භ විය. මෙම වසරේ ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනයට රටවල් සහ කලාප 154කින් සමාගම් 1,800කට වැඩි ප්‍රමාණයක් සහභාගී වන අතර, ප්‍රදර්ශනයේ පරිමාණය නව වර්ධනීය මට්ටමකට ළඟා වී ඇත.

මෙම වසරේ ඩිජිටල් වෙළඳ ප්‍රදර්ශනය තේමා ප්‍රදර්ශන කලාපයක් මෙන්ම ඩිජිටල් විනෝදාස්වාදන කලාපය, කෘත්‍රිම බුද්ධි කලාපය සහ සේද මාවතේ ඊ-වාණිජ්‍ය කලාපය ඇතුළුව විශේෂ කර්මාන්ත ප්‍රදර්ශන කලාප හතක් පිහිටුවා ඇත. දින පහක් පැවැත්වීමට නියමිත එම ප්‍රදර්ශනයේ දී රොබෝ නවෝත්පාදන තරගය ඇතුළු ක්‍රියාකාරකම් මාලාවක් පැවැත්වනු ඇත. එහි දී සියයකට වඩා වැඩි ඩිජිටල් නිෂ්පාදන චීනය තුළ මෙන්ම ආසියාව සහ ගෝලීයව ද මුල්වරට ප්‍රදර්ශනය කෙරේ.