‘සිවිල් කටයුතු පිළිබඳ ෂී ජින්පිං මහතාගේ රචනාවන් හි උධෘත’ග්‍රන්ථය ප්‍රකාශයට පත්කර බෙදා හැරේ.
මෙම ග්‍රන්ථය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පක්ෂ ඉතිහාස සහ සාහිත්‍ය පර්යේෂණ ආයතනය විසින් සංස්කරණය කර තිබේ. එය චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාහිත්‍ය ප්‍රකාශන ආයතනය විසින් රට පුරා බෙදා හරිනු ලබයි.
චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික කොංග්‍රසයෙන් පසු, ජනාධිපති ෂී ජින්පිං මහතා සිවිල් කටයුතු පිළිබඳ වැදගත් ප්‍රකාශ මාලාවක් සිදු කර ඇත. එය නව යුගයේ සහ නව ගමනේ රටේ සිවිල් කටයුතුවල උසස් තත්ත්වයේ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා මූලික මාර්ගෝපදේශයක් සපයන අතර, සිවිල් කටයුතුවල ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදනයන් ගැඹුරු කිරීම සඳහා ඉතා වැදගත් වේ.
එම ග්‍රන්ථයේ, ජනාධිපති ෂී ජින් පිං මහතා 2012 වසරේ නොවැම්බර් මස සිට 2025 වසරේ ජූලි මාසය දක්වා කාලය තුළ සිවිල් කටයුතු පිළිබඳව දුන් උපදෙස්, පළකළ වාර්තා සහ දේශන ඇතුළත් ලිපි 160කට අධික සංඛ්‍යාවක් අන්තර්ගත වෙයි. ඉන් සමහරක් ප්‍රකාශයට පත්වන්නේ පළමුවරට යි.