හමුදා සවිබල ගැන්වීම පිළිබඳ චීන ජනපතිගේ චින්තනය විදහාලන නව ග්‍රන්ථයක්

“හමුදා සවිබල ගැන්වීම පිළිබඳ ෂී ජින් පිං මහතාගේ චින්තනය”නම් ග්‍රන්ථය එළි දැක්වෙයි. චීන මහජන විමුක්ති හමුදා ප්‍රකාශනාගාරය විසින් එළි දක්වන ලද එම ග්‍රන්ථය, හමුදා සවිබල ගැන්වීම පිළිබඳ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ චින්තනය සවිස්තරාත්මක පහදා දෙමින්, චීන හමුදා අධ්‍යයන ආයතනයන්හි දේශපාලන න්‍යායන් හැදෑරීම සඳහා වැදගත් මඟපෙන්වීමක් ලබා දෙයි.

නව යුගය සඳහා ෂී ජින් පිං මහතාගේ චීන ලක්ෂණයෙන් යුත් සමාජවාදී චින්තනය අධ්‍යයනය කිරීම, හමුදා අධ්‍යයන ආයතනයන්හි ඉගෙනුම ලබන්නන් එතුමාගේ එම චින්තනයෙන් සවිබල ගැන්වීම සහ නව යුගයේ හමුදා සංවර්ධනයට අවශ්‍ය ප්‍රවීණයන් බිහි කිරීම, එම ග්‍රන්ථය එළි දැක්වීම මගින් අපේක්ෂා කෙරේ.