හරිත කර්මාන්තවල සහයෝගීතාව පිළිබඳ ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායක කවුන්සිලයේ නිවේදනය නිකුත් කෙරේ

ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල නායකයින් මෑතකදී හරිත කර්මාන්තවල සහයෝගීතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත. ප්‍රතිපත්ති හුවමාරුව, තාක්ෂණික පර්යේෂණ සහ ව්‍යාපෘති මූල්‍යකරණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා කටයුතු කිරීමට සාමාජික රටවල් එකඟ වී ඇතැයි එම ප්‍රකාශනයේ සඳහන් වේ. පාරිසරික හා බලශක්ති කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම, කාබන් වෙළඳපොළ යාන්ත්‍රණ ස්ථාපිත කිරීම සහ හරිත කාර්මික පරිවර්තනය ප්‍රවර්ධනය කිරීම යනාදී කෂේත්‍රවල වැදගත්කම එම නිවේදනය අවධාරණය කරයි.

හරිත තාක්ෂණික පර්යේෂණ හා සංවර්ධනය සහ හුවමාරුව මෙන්ම හරිත සැපයුම් දාම ඒකාබද්ධ කිරීම ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිපත්ති හා ව්‍යාපෘති තොරතුරු බෙදා ගැනීම, සමාන හරිත ප්‍රමිතීන් ගවේෂණය කිරීම, ජාත්‍යන්තර සංවිධාන සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම, විශේෂිත පර්යේෂණ හා කුසලතා පුහුණුව පැවැත්වීම සහ අදාළ සංසද පැවැත්වීම යන විශේෂිත පියවරද ඊට ඇතුළත් වන බව එම නිවේදනයෙන් සඳහන් වේ.