හවුල්කාර රටවල් BRICS පවුලට එකතු වීම “ගෝලීය දකුණේ” එකමුතුව සහ සහයෝගීතාව ප්‍රවර්ධනයට වැදගත් වේදිකාවකි

මෑතකදී රුසියාව BRICS හවුල්කාර රටවල් ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ අතර එය ජාත්‍යන්තර ප්‍රජාවේ පුළුල් අවධානයට ලක්ව ඇත.

හවුල්කාර රටවල් BRICS පවුලට එකතු වීම BRICS සහයෝගීතාවයේ නව මට්ටමක් සනිටුහන් කරන අතර “ගෝලීය දකුණ” තුළ එකමුතුව සහ සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා වඩා වැදගත් වේදිකාවක් බවට පත්ව ඇත. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (24) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී මේ බව පැවසුවාය.

මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා BRICS කසාන් සමුළුවට සහභාගී වූ අතර හවුල්කාර රටවල් පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් BRICS නායකයින් සමඟ වැදගත් එකඟතාවයකට ද පැමිණියේය. අනතුරුව සමුළුවේ සභාපතීත්වය දරන රුසියාව සමඟ චීනය ක්‍රියාකාරීව සහයෝගයෙන් කටයුතු කළ බවත්, එහිදී හවුල්කාර රටවල් සම්බන්ධයෙන් වන ප්‍රවර්ධන කටයුතු සඳහා BRICS සාමාජික රටවල් සමඟ සහයෝගයෙන් ක්‍රියා කළ බවත් ඇය පැවසුවාය. ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, බෙලරුසියාව, බොලිවියාව, කියුබාව, කසක්ස්ථානය, උස්බෙකිස්ථානය සහ උගන්ඩාව අවසානයේ BRICS හවුල්කාර රටවල් බවට පත්වීමට තීරණය වූ බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළාය.