‘හවුල් අනාගතයක් සහිත චීන ජාතියක් නිර්මාණය වීම හා තහවුරු කිරීම යනු පොදුජනතාවගේ අභිලාෂයන්ට අනුගත වීමක්, දැවැන්ත ප්‍රවණතාවක් මෙන් ම ඓතිහාසික අනිවාර්යයක්’ පිළිබඳ ෂී ජින්පිං මහතාගේ ලිපිය එළි දැක්වෙයි. හෙට (01) ප්‍රකාශයට පත් කෙරෙන ‘Qiushi’ සඟරාවේ 19 වන කලාපය හරහා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, මධ්‍යම හමුදා කමිටු සභාපති, ජනාධිපති ෂී ජින්පිං මහතා ගේ එම ලිපිය නිකුත් කිරීමට නියමති ය.
මෙය, සමස්ත ජාතීන් අතර එකමුතුව තහවුරු කරමින් 2024 වසරේ සැප්තැම්බර් 27 වන දා පැවති සම්මාන පිරිනැමීමේ අවස්ථාව අමතමින් ෂී ජින්පිං මහතා සිදු කළ දේශනයේ කොටසකි.
විවිධ ජනවර්ගයන්ට අයත් චීන ජනතාවගේ පොදු ප්‍රයත්න යටතේ බිහි කළ මව් බිම එක්සත් බවින් යුත් බහු ජාතීන් සහිත රටක් නිර්මාණය කර ඇති බව එම ලිපිය අවධාරණය කරයි. දැවැන්ත චීන ඉතිහාසය, දීප්තිමත් චීන ශිෂ්ටාචාරය හා අභිමානවත් ජාතියේ ජීවගුණය ද එමගින් නිර්මාණය විය. විවිධ ජාතීන් අතර සුසංයෝගී සබැඳියාව, හවුල් අනාගතයක් සහිත චීන ජාතියක් නිර්මාණය වීම හා තහවුරු කිරීම සඳහා වන ශක්තිමත් පදනමකි. සමානාත්මතාවයෙන්, එක්සත්භාවයෙන් සහ සමාජවාදී චින්තයකින් හෙබි චීන ජනතාව අතර සබඳතාව සැබැවින්ම අගය කළ යුතු ය. එය තවදුරටත් සහතික කිරීමෙන් හවුල් අනාගතයක් සහිත චීන ජාතියක් ගොඩනැංවීම උදෙසා විවිධ ජාතීන් එකමුතුව ක්‍රියා කළ යුතු බව ද ෂී ජින්පිං මහතා ගේ එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වෙයි.