හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධානියාගේ කාර්ය වාර්තාවට චීන ජනාධිපතිවරයා සවන් දෙයි

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද(16) සවස බෙයිජිං හිදී හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ප්‍රධාන විධායක John Lee මහතා හමුවිය. හොංකොං හි වර්තමාන තත්ත්වය සහ විශේෂ පරිපාලන කලාපීය රජයේ කාර්යයන් පිළිබඳව John Lee මහතා ෂී ජින් පිං මහතා වෙත එහිදී  වාර්තා කළේ ය.

ගෙවී ගිය වසර තුළ John Lee මහතා ප්‍රමුඛ විශේෂ පරිපාලන කලාප රජය ජාතික ස්වාධිපත්‍යය ආරක්ෂාව හා සංවර්ධන වාසි ස්ථිර ලෙස සුරක්ෂිත කර ඇති අතර හොංකොං විශේෂ පරිපාලන කලාපයේ 8 වැනි ව්‍යවස්ථාදායක සභාවේ මැතිවරණය සාර්ථකව පැවැත්විණ. හොංකොං ආර්ථිකය ස්ථිරව ප්‍රවර්ධනය කරගනිමින් හොංකොං පරිපාලනය නව ජයග්‍රහණ ලබා ගත් බව ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළේය.  John Lee මහතා ප්‍රමුඛ විශේෂ පරිපාලන කලාපීය රජය සිදු කළ කටයුතු චීන මධ්‍යම රජය ඉහළින් අගය කරන බව ෂී ජින් පිං මහතා එහිදී පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්‍යම කාරක සභාවේ 4 වැනි පූර්ණ සැසිය 15 වන පස් අවුරුදු සැලැස්මේ කාලයට අදාළව ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා උපායමාර්ගික සැලසුම් සකස් කර ඇත. හොංකොං හි දිගුකාලීන සමෘද්ධිය හා ස්ථාවරත්වය සඳහා “එක් රටක් ක්‍රම දෙකක් ” “හොංකොං වැසියන් හොංකොං පාලනය කිරීම ”, ඉහළ ස්වයං පාලනය යන ප්‍රතිපත්ති පූර්ණ වශයෙන් පිළිපැදිය යුතු බව හෙතෙම සඳහන් කළේය. විශේෂ පරිපාලන කලාපීය රජය 15 වන පස් අවුරුදු සැලැස්මට සක්‍රිය ලෙස සම්බන්ධ වෙමින් විධායක නායකත්වය තහවුරු කර ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ආර්ථීක සංවර්ධනය ප්‍රවර්ධනය කළ යුතුය. Guangdong-HongKong-Macao මහා බොක්ක ප්‍රදේශය ගොඩනැගීමට හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය මනා ලෙස එක්වී රටේ සංවර්ධනයට ඒකාබද්ධ දායකත්වයක් ලබා දිය යුතු බවද ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.