හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ජයග්‍රාහී ගමන්මග පිළිබඳ විශේෂ ධවල පත්‍රිකාවක් නිකුත් කෙරේ

හොංකොං විශේෂ පරිපාලන කලාපය එක් රටක්, ක්‍රම දෙකක් යටතේ චීනයේ ජාතික ආරක්ෂාව සුරැකීම පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කෙරේ.  චීනයේ රාජ්‍ය මණ්ඩල පුවත් කාර්යාලය අද(10) මෙම ධවල පත්‍රිකාව නිකුත් කර ඇත. 

පූර්විකාව සහ නිගමන ඇතුළු කොටස් පහකින් සමන්විත මෙම පත්‍රිකාවෙන් හොංකොං විශේෂ පරිපාලන කලාපය තුළ ජාතික ආරක්ෂාව සුරැකීමේ නොපසුබට කැපවීම මෙන්ම හොංකොං සම්බන්ධ ජාතික ආරක්ෂක කටයුතු සඳහා චීන මධ්‍යම රජයේ මූලික වගකීම් ද පැහැදිලි කර තිබේ. 

එමෙන්ම ජාතික ආරක්ෂාව සුරැකීම සඳහා ව්‍යවස්ථාපිත වගකීම ඉටු කිරීමේදී හොංකොං විශේෂ පරිපාලන කලාපය ලබා ගත් ජයග්‍රහණ, අර්බුදකාරී තත්ත්වයක සිට ස්ථාවර හා සමෘද්ධිමත් මට්ටම දක්වා වූ හොංකොංහි ගමන්මග සහ  එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තියේ උසස් මට්ටමේ සංවර්ධනය සඳහා සිදු කළ කැපී පෙනෙන දායකත්වයන් ද මෙම ධවල පත්‍රිකාවෙන් විග්‍රහ කර තිබීම විශේෂත්වයකි.