ෆින්ලන්ත අග්‍රාමාත්‍ය Petteri Orpo මහතා අද (25) බෙයිජිං නගරය වෙත ළඟා වී සිය චීන නිල සංචාරය ආරම්භ කළේය. එය අද (25) දින සිට එළඹෙන 28 වන දින දක්වා දින හතරක් පුරා සිදු වේ.
මෙම සංචාරය අතරතුර, ඔහු චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හමුවීමටත්, චීන අග්‍රාමාත්‍ය ලී ජ්‍යං මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය. එමෙන්ම දෙපාර්ශ්වය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ පොදුවේ අවධානයට යොමු කිරීමට අපේක්ෂිත කරුණු සම්බන්ධයෙන් අදහස් හා යෝජනා ගැඹුරින් හුවමාරු කිරීමට ද අපේක්ෂා කෙරේ.