14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය හෙට ඇරඹේ

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය හෙට(05) පෙරවරුවේ පැවැත්වෙයි.

එම සැසිවාරයේ ප්‍රවෘත්ති ප්‍රකාශක Lou Qinjian මහතා අද(04) පැවති මාධ්‍ය හමුවට එක් වෙමින් දෙස්-විදෙස් මාධ්‍ය වෙත මෙවර සැසිවාරයේ අදාළ තොරතුරු සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 4වැනි සැසිවාරය දින 8ක් පැවැත්වෙනු ඇති අතර එළඹෙන 12 වැනිදා පෙරවරුවේ එය නිමාවට පත් වනු ඇතැයි ප්‍රකාශ කෙරිණ.

පුළුල් උපදේශන මත පදනම්ව ‘15 වන පස් අවුරුදු’සැලසුම් කෙටුම්පත මෙවර සැසිවාරයට ඉදිරිපත් කෙරේ. සමාලෝචනය කර සම්මත කිරීමෙන් පසු එය ක්‍රියාත්මක කිරීමට නියමිතය.