14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 15 වන රැස්වීම අවසන් වේ

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ 15 වන රැස්වීම අද(30) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලාවේදී අවසන් විය.

ඡන්දය දීමෙන් පසු, රැස්වීමේදී පෞද්ගලික ආර්ථිකය ප්‍රවර්ධනය කිරීම පිළිබඳ නීතිය සහ වසංගත රෝග වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ සංශෝධිත නීතිය සම්මත කෙරිණ. 

එහිදී කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍ය ධුරයෙන් Jin Zhuanglong මහතා ඉවත් කර එම ධුරයට Li Lecheng මහතා පත් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 46, 47 සහ 48 දරන ජනාධිපති නියෝගවලට අත්සන් තැබීය. 

චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති Zhao Leji මහතා එම රැස්වීමේ මුලසුන දැරීය.