“14 වන පස් අවුරුදු සැලැස්ම” ආරම්භයේ සිට චීනයේ මූල්‍ය පදනම තවදුරටත් ශක්තිමත් වේ

“14 වන පස් අවුරුදු සැලැස්ම ගුණාත්මකව සම්පූර්ණ කිරීම” යන මැයෙන් සංවිධාන කළ මාධ්‍ය හමුවක්, චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලයේ දී අද (28) උදෑසන පැවැත්විණ.

චීන රාජ්‍ය බදු පරිපාලනයේ නිලධාරීන්ට අනුව, “14 වන පස් අවුරුදු සැලැස්ම” ආරම්භයේ සිට එහි අවසානය දක්වා, චීන බදු කටයුතු පිළිබඳ අංශ විසින් එකතු කරන සමස්ත බදු සහ ගාස්තු ආදායම යුවාන් ට්‍රිලියන 155 ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය චීනයේ සමස්ත මූල්‍ය ආදායමෙන් 80% ක් පමණ වේ. මෙය රට තුළ ආර්ථික හා සමාජීය සංවර්ධනය මෙන්ම, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා වන මූල්‍ය පදනම අඛණ්ඩව තහවුරු කරමින් පවතින බව පෙන්නුම් කිරීමකි.

එසේම “14 වන පස් අවුරුදු සැලැස්ම” ආරම්භයේ සිට, චීනයේ අලුතින් එක් වූ බදු සහ ගාස්තු අඩු කිරීම්වල සමස්තය යුවාන් ට්‍රිලියන 10.5ක් දක්වා ළඟා වනු ඇති අතර, අපනයන බදු සහනය ද යුවාන් ට්‍රිලියන 9ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. බදු ප්‍රතිසංස්කරණ සහ බදු හා ගාස්තු අඩු කිරීම්, ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා විශාල සහයෝගයක් ලබා දී ඇත.