2025 චීනයේ ජාතික සැසිවාර දෙක පැවැත්වෙන දින නියම කෙරේ.
මේ අනුව, 14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ තුන් වැනි සැසිවාරය 2025වසරේ මාර්තු මස 05 වැනිදා බෙයිජිං නුවර දී ආරම්භ වීමට නියමිතයි. අද(25) පෙරවරුවේ බෙයිජිං හි මහජන මහා ශාලා පරිශ්රයේ දී නිමාවට පත් වූ 14 වැනි චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ 13 වැනි සැසියේ දී පැවැත්වූ ඡන්ද විමසීමකින් එය සම්මත කෙරිණ. එහිදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අංක 41,42,43 සහ 44 යන ජනාධිපති නියෝගවලට ද අත්සන් තැබීය. එකතු කළ අගය මත බදු නීතිය, අධීක්ෂණ නීතිය සංශෝධනය කිරීමේ තීන්දු තීරණ යනාදිය එහිදී සම්මත කෙරිණ.
මේ අතර චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ 29 වැනි සභාපති රැස්වීමේදී, චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 14 වැනි ජාතික කමිටුවේ තුන් වන සැසිවාරය පිළිබඳ තීරණ කෙටුම්පත පරීක්ෂා කර සම්මත කෙරිණ. ඒ අනුව එම සැසිවාරය ලබන වසරේ මාර්තු මාසයේ 4වැනිදා ඇරඹීමට යෝජනා කර ඇත.