14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන් වැනි සැසිවාරය පිළිබඳ මාධ්‍ය හමුව පැවැත්වීමට සූදානම් කෙරේ. එය ලබන 4 වැනි දා මධ්‍යහ්න 12 ට බෙයිජිං හි පිහිටි මහජන මහා ශාලාවේ දී පැවැත්වීමට නියමිත ය. සැසිවාරයේ ප්‍රකාශකයා එහි න්‍යාය පත්‍රය හා ජාතික මහජන කොංග්‍රසයේ කාර්යයන් පිළිබඳව දෙස් විදෙස් මාධ්‍යවේදීන් නගන ප්‍රශ්නවලට පිළිතුරු දෙනු ඇත. එම මාධ්‍ය හමුව සඳහා දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ පැමිණීම පිළි ගන්නා බවද ප්‍රකාශ කෙරිණ.