14 වැනි පස් අවුරුදු සැලැසුම් කාලය තුළ චීනය විදේශ ආයෝජන අඛණ්ඩව ආකර්ෂණය කරයි

14 වැනි පස් අවුරුදු සැලැස්මේ කාලය (2021-2025) ආරම්භයේ සිට පසුගිය ජූනි මාසය දක්වා චීනය අපේක්ෂිත ඇමරිකානු ඩොලර් බිලියන 700කට වඩා වැඩි විදේශ ආයෝජනය ආකර්ෂණය කර තිබේ. චීනය උසස් මට්ටමේ විවෘත භාවය පුළුල් කිරීමත්, පොදු ජයග්‍රහණය සහිත සහයෝගිතා අඛණ්ඩව පැවැත්වීමත් සමග මහා පරිමාණ වෙළඳපොල, සම්පූර්ණ නිෂ්පාදන දාමය හා සැපයුම් දාමය, නවෝත්පාදනය ඇතුළු කැපී පෙනෙන ලක්ෂණ හේතුවෙන් විදෙස් සමාගම් චීනයේ ආයෝජනය කිරීම ආකර්ෂණය කරමින් පවතී.

14 වැනි පස් අවුරුදු සැලැස්මේ කාලය තුළ චීනයේ අලුතින් විවෘත කළ විදෙස් සමාගම් දෙලක්ෂ විසිනව දහසක් තිබේ. එය 13 වැනි පස් අවුරුදු සැලැස්මේ කාලයේ (2016-2020) අගයට වඩා 25000ක් වැඩිය. 2024 වසරේ අධි තාක්ෂණ කර්මාන්තයේ විදේශ ආයෝජනයට සමස්ත ආයෝජනයෙන් සියයට 34.6ක් හිමිව ඇත. එය 2020 වසරේ අගයට සාපේක්ෂව සියයට 6ක වැඩි වීමකි.

එමෙන්ම චීනය ව්‍යාපාරික පරිසරය ප්‍රශස්ත කරමින් 14 වැනි පස් අවුරුදු සැලැස්මේ කාලය තුළ විදේශ ආයෝජනය චීනයට ප්‍රවේශවීමේ සීමා අඛණ්ඩව ලිහිල් කර ඇත. ඒ අතරින් නිෂ්පාදන කර්මාන්තයට ප්‍රවේශවීමේ සීමාව සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.