2021-2025 දක්වා චීනයේ මානව හිමිකම් සැලැස්ම සාර්ථකව සම්පූර්ණ කෙරේ

2021 වසරේ සිට 2025 වසර දක්වා වන චීනයේ මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම ක්‍රියාවට නැංවීම ඇගයීමට ලක් කළ වාර්තාව නිකුත් කෙරේ. එහි සඳහන් වන සමස්ත අභිමතාර්ථ 181ක් ම සම්පූර්ණ කර ඇති බව අදාළ වාර්තාවේ දැක්වෙයි. චීනයේ මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මට්ටම තවදුරටත් ඉහළ නංවා තිබීම එමගින් මනාව පිළිබඹු කෙරේ.

චීන මානව හිමිකම් අධ්‍යයන සංගමයේ සහභාගීත්වයෙන් යුතුව එම වාර්තාව නිකුත් කරනු ලැබීය. සංවර්ධනය හරහා මානව හිමිකම් තහවුරු කිරීම, සමස්ත ක්‍රියාවලියේ දී අංගසම්පූර්ණව ජනතා ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාවට නැංවීම වර්ධනය කිරීම, සමානාත්මතාවය මත විවිධ ජනවාර්ගික කොටස් හි අයිතිවාසිකම් සුරැකීම, ජෛව පරිසර සංරක්ෂණය, මානව හිමිකම් අධ්‍යාපන හා පුහුණු ක්‍රියාත්මක කිරීම ඇතුළු කරුණු මෙහිදී ඇගයීමට ලක්ව ඇත.

2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී මුල්වරට ඉදිරිපත් කෙරුණු මෙම චීන මානව හිමිකම් ක්‍රියාකාරී සැලසුම (2021-2025) හරහා එම කාලය තුළ, චීන මානව හිමිකම් තහවුරු කිරීම සඳහා වූ සවිස්තරාත්මක ඉලක්කයන් නියම කෙරිණ. චීනය මානව හිමිකම් තේමා කරගනිමින් සකස් කළ සිව්වැනි ජාතික මට්ටමේ සැලැස්ම ද මෙයයි.