2024 චීන ජාතික අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ආරක්ෂා කිරීමේ සමුළුව බෙයිජිංහි දී

2024 චීන ජාතික අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ආරක්ෂා කිරීමේ සමුළුව අද(23) බෙයිජිං නුවර දී පැවැත්වේ. මෑත වසරවලදී චීනයේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේදී ලබාගත් ප්‍රතිඵල සහ අත්දැකීම්, එහිදී සාරාංශ කෙරෙන අතර, වර්තමාන හා අනාගත කාලය තුළ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ කාර්යයන් පිළිබඳව ද, අවධානය යොමු කෙරේ.

මෙම වසර, අස්පෘශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ යුනෙස්කෝ සම්මුතියට චීනය එක්වීමේ 20 වන සංවත්සරය සනිටුහන් කරයි. ගෙවුණු වසර 20 තුළ, චීනයේ ව්‍යාපෘති 44 ක් යුනෙස්කෝවේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, මෙම සංඛ්‍යාව ලෝකයේ පළමුවෙනි ස්ථානය ගනී. චීන රාජ්‍ය මණ්ඩලය ජාතික මටට්මේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුම 1557ක් නම් කර තිබේ. 

ජාතික මටට්මේ අස්පෘශ්‍ය සංස්කෘතික උරුමකරුවන් 3,056 දෙනෙකු, සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශය විසින් පිළිගෙන තිබේ. ජාතික, පළාත්, නගර සහ කෝරළ යන මට්ටම්වල අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ව්‍යාපෘති ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් එම ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. ජාතික මට්ටමේ සංස්කෘතික හා පාරිසරික ආරක්ෂණ හෝ පර්යේෂණාත්මක කලාප 23 ක් ප්‍රථම වරට ස්ථාපිත කර ඇත. ජාත්‍යන්තර සම්මුතීන්ට එක් වූ වසර 20ක් තුළ චීනය අස්පෘශ්‍ය සංස්කෘතික උරුම ආරක්ෂා කිරීමේදී කැපී පෙනෙන ජයග්‍රහණ ලබා තිබේ. ‍‍