2025 වසරේ තුන්වන කාර්තුව තුළ චීනයේ ආගමන කළමනාකරණය පිළිබඳ ප්‍රධාන දත්ත නිකුත් කිරීමට චීන ජාතික ආගමන පරිපාලනය විසින් අද (16) පියවර ගනු ලැබීය.
ඒ අනුව, චීනය පුරා ආගමන කළමනාකරණ ආයතන, තුන්වන කාර්තුවට අදාළ පරීක්ෂා කිරීම්වලින් හෙළිව ඇත්තේ, චීනයට ඇතුළු වූ සහ පිට වූ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 178 ක් බව ය. එය පසුගිය වසරට සාපේක්ෂව 12.9% ක වැඩි වීමකි.
මෙම පිරිස අතරින් විදේශිකයන් ලක්ෂ 72.5ක් පමණ නිදහස් වීසා පහසුකම යටතේ චීනයට පැමිණ ඇති අතර, එය ද ඇතුළුව චීනයට පැමිණි සමස්ත විදේශිකයන් සංඛ්‍යාව 72.2% කි. එය පසුගිය වසරේ අදාළ කාලසීමාව හා සසඳන විට 48.3%ක වැඩි වීමකි.