2025 ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, චීන සහ විදේශීය ජනතාව අතර අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කර ගැනීමට ගන්නා උත්සාහයක් බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පවසයි.
2025 වසරේ 9 වැනි ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල, චීනයේ Harbin නගරයේ පැවැත්වීම ගැන වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (25) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී ඇය මේ බව පැවසුවාය.
2025 ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල,බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා උළෙලෙන් පසු චීනයේ පැවැත්වෙන තවත් ප්‍රධාන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව්වක් බව Mao Ning මහත්මිය පැවසුවාය. එය චීන සහ විදේශීය ජනතාව අතර අන්‍යෝන්‍ය සබඳතා ශක්තිමත් කරගැනීමට සහ මිත්‍රත්වය වැඩි දියුණු කරගැනීම වෙනුවෙන් ගත හැකි තවත් වැදගත් උත්සාහයක් වන බව ඇය පැවසුවාය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා දැක බලා ගැනීමට මෙන්ම අයිස් සහ හිම ආශ්‍රිත චමත්කාරය හරහා චීනයේ අසිරිමත් බව අත්විඳීමට Harbin නගරය වෙත පැමිණෙන ලොව පුරා සිටින මිතුරන් හෘදයාංගවම පිළිගැනීමට චීනය සූදානම් බව ඇය වැඩිදුරටත් පැවසුවාය.