2025 චීනයේ ආර්ථික වර්ධන අපේක්ෂාව ඉහළට– IMF

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යාවත්කාලීන කරන ලද ලෝක ආර්ථික දැක්ම පිළිබඳ වාර්තාව නිකුත් කරයි. ඊයේ(29) නිකුත් කළ එම වාර්තාව 2025 සහ 2026 වසරවල ගෝලීය ආර්ථික වර්ධන අපේක්ෂාව සුළු අගයකින් ඉහළ නංවා තිබේ.

2025 සහ 2026 වසරේදී ලෝක ආර්ථිකය පිළිවෙලින් 3% සහ 3.1% කින් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එය මේ වසරේ අප්‍රේල් මාසයේ අපේක්ෂා කළ අගයට සාපේක්ෂව 0.2% සහ 0.1% කින් ඉහළ ගොස් තිබේ. අප්‍රේල් මස නිකුත් කළ අගය හා සසඳන විට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල 2025 දී චීනයේ ආර්ථික වර්ධන වේගය 0.8% කින් එනම් 4.8% දක්වා ඉහළ නංවා තිබේ.

ඇමරිකානු වෙළඳ ප්‍රතිපත්තිය වැනි සාධක හේතුවෙන්, වත්මන් ප්‍රධාන ගෝලීය ආර්ථිකයන් අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන බවත්, ලෝක ආර්ථිකය සාපේක්ෂව දුර්වල තත්ත්වයක පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත.