2025 චීනයේ වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේ ශාඛා ස්ථාන ප්‍රකාශයට පත් කෙරේ

චීනයේ සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද හෙවත් වසන්ත උත්සවය සැමරීම වෙනුවෙන් චීන මාධ්‍ය සමූහය සෑම වසරකම අලුත් අවුරුදු උදාවට පෙර රාත්‍රී ප්‍රසංගයක් සංවිධානය කිරීම සිරිතකි. 

චීන මාධ්‍ය සමූහය එළඹෙන 2025 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය බෙයිජිං අගනුවරදී පවත්වන අතර Chongqing, Wuhan, Lhasa සහ Wuxi යන නගර හතර එහි ශාඛා ස්ථාන වශයෙන් අද (24) ප්‍රකාශයට පත් කර ඇත. 

ඉකුත් 4වැනි දා චීනයේ වසන්ත උත්සවය, එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය විසින් මානව වර්ගයාගේ අස්පර්ශ සංස්කෘතික උරුම නාම ලැයිස්තුවට ද ඇතුළත් කරනු ලැබීය. 

ලෝක උරුමයක් ලෙස නම් කිරීමෙන් පසු පැවැත්වෙන පළමු වසන්ත උත්සවය වශයෙන්, නව වසර උදාවේදී සුබ සහ ප්‍රීතිමත් “ජනතා වසන්ත මංගල්‍යයක්” නිර්මාණය කිරීමට මෙවර අපේක්ෂා කෙරේ. 

එමෙන්ම ගෝලීය ප්‍රේක්ෂකයින් වෙත “සංස්කෘතික අලුත් අවුරුදු රාත්‍රී භෝජන සංග්‍රහයක් ” ඉදිරිපත් කිරීමට ද අපේක්ෂිත ය.