2025 වසරේ හොඳ ම චීන ව්‍යවසායන් 500කගේ ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ. එම ලැයිස්තුව අද (15) චීන ව්‍යවසායන්ගේ ඒකාබද්ධ සංගමය විසින් නිකුත් කරන ලදි.
එහි මෙහෙයුම් ආදායම යුවාන් ට්‍රිලියන 110කට වැඩි වීම විශේෂත්වයකි. චීනයේ හොඳ ම ව්‍යවසාය 500කට ප්‍රවේශ වීමේ ප්‍රමිතිය ගෙවී ගිය වසර 23ක් ඇතුළත නොකඩවාම ඉහළට යමින් පවතී. එම ව්‍යවසායන් 500කින් 267ක මෙහෙයුම් ආදායම යුවාන් බිලියන 100 ඉක්මවන බව වාර්තා වේ. එය පෙර වසරට වඩා ව්‍යවසායන් 14කින් වැඩිවී තිබේ.
එපමණක් නොව, 2025 වසරේ හොඳම චීන ව්‍යවසායන් 500ක සමස්ත වත්කම්, යුවාන් ට්‍රිලියන 460.85 දක්වා ළඟා වීම තවත් විශේෂත්වයකි. තාක්ෂණික නවෝත්පාදනය, කාර්මික වැඩිදියුණුව සහ ජාත්‍යන්තර තරඟකාරිත්වය යනාදී ප්‍රමුඛ කාර්යභාරයක් එම ව්‍යවසායන් ඉටු කරමින් පවතින බව ද සඳහන් කෙරේ.