2025 මකර බෝට්ටු උත්සවය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයෙන් විශේෂ වැඩස‍ටහනක්

2025 මකර බෝට්ටු උත්සවය නි‍මිත්තෙන් චීන මාධ්‍ය සමූහය විශේෂ වැඩසටහනක් ඉදිරිපත් කරයි.

චීනයේ සාම්ප්‍රදායික මකර බෝට්ටු උත්සවය සැමරීම අද (31) දිනට යෙදී ඇත. ඒ වෙනුවෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන අද රාත්‍රී 8.00ට චීන මාධ්‍ය සමූහයට අයත් CCTV-1, CCTV-3 සහ CCTV-15 ඇතුළු රූපවාහිනී නාලිකා සහ ගුවන් විදුලි හා හා වෙබ් අඩවි ඔස්සේ විකාශය කිරීමට නියමිතය.

මෙම වැඩසටහන කවි ගායනා, ඔපෙරා, නිර්මාණාත්මක නැටුම්, ජන සංගීතය සහ සටන් කලාව යනාදී කලා නිර්මාණයන්ගේ නව්‍ය ප්‍රකාශන මගින් මකර බෝට්ටු උත්සවයේ සාම්ප්‍රදායික සංස්කෘතිය ප්‍රවර්ධනය කරයි.