2025 වසරේ බෝ ඕ ආසියානු සංසදයේ සමාරම්භක උත්සවයට චීන උප අගමැති එක් වෙයි

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා ඇරයුමකට අනුව, 2025 වසරේ බෝ ඕ ආසියානු සංසදයේ (Boao Forum For Asia) සමාරම්භක උත්සවයට එක් වෙයි. එහිදී හෙතෙම දේශනයක් ද පවත්වයි. එම උත්සවය එළඹෙන 27 වැනි දා දකුණු චීනයේ Hainan පළාතේ බෝ ඕ හිදී පැවැත්වීමට නියමිත ව තිබෙන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකවරයෙක් අද(24) සඳහන් කර තිබේ.