2025 වසරේ මැයි මස චීන ජාතික පාරිභෝගික මිල දර්ශකය වසරින් වසර 0.1% කින් පහත වැටුණි. නමුත් නාගරික ප්‍රදේශයේ එම දර්ශකය නොවෙනස්ව පැවති අතර ග්‍රාමීය ප්‍රදේශයේ දර්ශක අගය 0.4% කින් අඩු විය.
ආහාර මිල ගණන් 0.4% කින් පහත වැටී ඇත. පාරිභෝගික භාණ්ඩ මිල 0.5% කින් පහත වැටුණු අතර සේවා මිල 0.5% කින් ඉහළ ගොස් තිබේ. එමෙන්ම, ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ජාතික පාරිභෝගික මිල දර්ශකය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 0.1% කින් පහත වැටුණි.
මීට අමතරව, මැයි මාසයේදී චීනයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය අප්‍රේල් මාසයට සාපේක්ෂව 0.2% කින් පහත වැටී ඇත.