මෙම වසරේ මුල් මාස 08 තුළ, චීනයේ භාණ්ඩ ආනයන හා අපනයනයන් හි සමස්ත වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 29.57ක් බව වාර්තා වෙයි. මෙය පසුගිය වසරේ එම කාලය හා සැසඳීමේදී 3.5%ක වර්ධනයක් පෙන්නුම් කරන බව චීන රේගු මහා පරිපාලනය අද (08) නිකුත් කළ දත්තවල දැක්වෙයි.
එම කාලය තුළ, චීනය සමඟ ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීමට එක්වූ රටවල් අතර ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 15.3ක් වූ අතර, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව එය 5.4%කින් වර්ධනය වී ඇත. මෙම වටිනාකම චීනයේ ආනයන හා අපනයනයන් හි සමස්ත වටිනාකමෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ගැනීම විශේෂත්වයකි.