‘2025 සේද මාවතේ රූපවාහිනී ප්‍රජා සංසදය’ චීනයේ Guangdong හිදී පැවැත්වෙයි

2025 සේද මාවතේ රූපවාහිනී ප්‍රජා සංසදය අද(7) චීනයේ Guangdong පළාතේ Yangjiang නගරයේ පැවැත්විණ. 

“බුද්ධිමය මාධ්‍ය හරහා මුහුදු සේද මාවතේ නව යුගයක් බලගැන්වීම ” යන තේමාවෙන් පැවති මෙම සංසදයට රටවල් සහ කලාප 20ක විශේෂඥයෝ හා සංස්කෘතික, නවෝත්පාදන නියෝජිතයෝ මෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානවල නියෝජිතයෝ ඇතුළු 300කට ආසන්න පිරිසක් එක් වූහ.

“ගෝලීය මුලපිරුම් හතර” ක්‍රියාත්මක කරමින් චීන නවීකරණයේ නව අවස්ථා බෙදා ගැනීම සඳහා චීන මාධ්‍ය සමූහය විවිධ රටවල මිතුරන් සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ ප්‍රචාරක දොපර්තමේන්තු ප්‍රධානි, චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා එහිදී දේශනයක් පවත්වමින් පැවසීය. චීන මාධ්‍ය සමූහය සේද මාවතේ සහයෝගීතාව ගැඹුරු කොට සේද මාවතේ මිත්‍රත්වය පෝෂණය කරමින් ශිෂ්ටාචාරාත්මක සංස්කෘතික හුවමාරුව සහ අන්‍යෝන්‍ය ඉගෙනීමේ නව පරිච්ඡේදයක් ඒකාබද්ධව නිර්මාණය කිරීමට දායක වනු ඇත. උසස් තත්ත්වයෙන් “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ සංවර්ධනයටත් පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමටත් තම ආයතනය ලොව පුරා සිටින මිතුරන් සමග එක්ව උත්සාහ කරන බව ද ඔහු සඳහන් කළේය.