2026 අලුත් අවුරුදු දින නිවාඩු කාලය තුළ චීනයේ දේශීය සංචාරක ව්‍යාපාරයේ කැපීපෙනෙන දියුණුවක්

2026 අලුත් අවුරුදු දින නිවාඩු කාලය තුළ (ජනවාරි 1-3), චීනය පුරා දේශීය සංචාරකයින් සංඛ්‍යාව මිලියන 142 දක්වා ළඟා විය. සමස්ත දේශීය සංචාරක වියදම චීන යුවාන් බිලියන 84.789ක් බව වාර්තා වේ. චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කළේය.

මේ අතර, මෙම කාලය තුළ චීනයේ පළාත් අතර සංචාරක ප්‍රමාණය මිලියන 595 දක්වා ළඟා වී ඇත. චීන ගමනාගමන හා ප්‍රවාහන අමාත්‍යාංශය අද(04) නිකුත් කළ දත්ත මේ බව පෙන්නුම් කරයි. ඒ අතර, මහාමාර්ග ඔස්සේ ගමන් කළ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 539කි. සමස්ත දුම්රිය මගී සංඛ්‍යාව මිලියන 48.087ක් විය. සිවිල් ගුවන් සේවා භාවිත කළ මගී සංඛ්‍යාව මිලියන 5.876ක් විය.

මීට අමතරව, මෙම වසරේ අලුත් අවුරුදු දින නිවාඩු කාලය තුළ, චීනය පුරා දේශසීමා පරීක්ෂණ බලධාරීන් විසින් රටට ඇතුළු වන සහ පිටවන චීන සහ විදේශීය ජාතිකයින් මිලියන 6.615ක් හසුරුවන ලදී. මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 28.6%ක වැඩිවීමක් බව චීන ජාතික සංක්‍රමණ පරිපාලනය ප්‍රකාශ කළේය.