2026 චීන වසන්ත උත්සව සමයේ සංචාරක උණුසුම අදින් ඇරඹේ

චීනයේ වසන්ත උත්සවය හෙවත් සාම්ප්‍රදායික අලුත් අවුරුදු උදාව අද (2) නිල වශයෙන් ආරම්භ විය. වසන්ත උත්සව කාලයේ ගමනාගමනයට අදාළව එහි උච්චතම සමයේ පළමු දුම්රිය අද අලුයම, බෙයිජිං බටහිර දුම්රිය ස්ථානයෙන් පිටත් විය.

මෙම සංචාරක උණුසුම් සමය අද (2) සිට ලබන මාර්තු මස 13 වැනිදා දක්වා දින 40ක් පුරා පවතිනු ඇත. එහිදී රට පුරා දුම්රියෙන් ගමන් කෙරෙන මගී වාර සංඛ්‍යාව මිලියන 540ක් වනු ඇති අතර දෛනිකව දුම්රියෙන් ගමන් කෙරෙ‍න වාර ගණන ද මිලියන 13.48ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය වසරින් වසර 5.0%ක වැඩිවීමකි.