2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයට එක්වූ චීන මානවරූපී රොබෝවරුන්ට ජාත්‍යන්තරයේ විශේෂ අවධානය

චීන මාධ්‍ය සමූහයේ 2026 වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගයේදී චීනයේ නිෂ්පාදිත මානවරූපී රොබෝවරු නැවතත් වේදිකාවේ පෙනී සිටියහ.

ගෝලීය මාධ්‍ය ආයතන,වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය පිළිබඳ චීන මාධ්‍ය සමූහයේ CGTN හි අදාළ වාර්තා පුළුල් ලෙස නැවත මුද්‍රණය කළහ. බ්‍රිතාන්‍යයේ Reuters සහ The Independent, ඇමරිකාවේ the Associated Press, ස්පාඤ්ඤයේ El Español සහ ඉන්දියාවේ India Today ඇතුළු ලොව පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයන්හි සැලකිය යුතු අවධානයක්, මෙම මානවරූපී රොබෝවරුන්ගේ විශ්මයජනක ඉදිරිපත් කිරීම සඳහා හිමි විය.

මේ වනවිට, චීනය මානවරූපී රොබෝවරුන් සඳහා පේටන්ට් බලපත්‍ර 32,000 කට වඩා හිමි කරගෙන ඇති අතර එය සමස්ත ගෝලීය ප්‍රමාණයෙන් 68% කි. චීන මාධ්‍ය සමූහයේ  වසන්ත උත්සව රාත්‍රී ප්‍රසංගය හරහා,චීනයේ රොබෝ තාක්ෂණ කර්මාන්තය එහි නවෝත්පාදන ශක්තිය සහ ගතිකත්වය ප්‍රදර්ශනය කරමින්, චීනයේ කෘත්‍රිම බුද්ධි නිෂ්පාදනයන්හි වේගවත් බව සහ එහි උණුසුම ලොවට ප්‍රදර්ශනය කරයි.