
අන්තර්ජාල වේදිකාවේ සංඛ්‍යාලේඛනයන්ට අනුව, මේ වනවිට 2026 වසරේ වසන්ත උත්සව සමය තුළ චීන බොක්ස් ඔෆිස් ආදායම (පූර්ව අලෙවිය ද ඇතුළුව) යුවාන් බිලියන 5 ඉක්මවා ගොස් තිබේ.
2026 වසරේ වසන්ත උත්සව සමයේ චිත්‍රපට ප්‍රදර්ශන වාරය නිල වශයෙන් පෙබරවාරි 15 වන දින ආරම්භ විය. ඒ අනුව එම ප්‍රදර්ශන කාලය එදින සිට එළඹෙන 23 වන දින දක්වා ක්‍රියාත්මක වේ.
මෙම වසරේ වසන්ත උත්සව සමයේදී ප්‍රදර්ශනය කෙරෙන චිත්‍රපට, හාස්‍යය, කාටුන්, මනඃකල්පිත ආදී විවිධ අංශ ආවරණය කරයි. ඒ සමඟින් ප්‍රේක්ෂකයින් සඳහා උසස් වින්දනයකින් යුත් සිනමා පට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.