22 වන බෙයිජිං සංසදය ඇරඹේ

දින තුනක් පුරා පැවැත්වෙන 22 වන බෙයිජිං සංසදය 07 වන දා බෙයිජිං නුවර දී  ආරම්භ විය. ලොව පුරා රටවල් සහ කලාප 36 කින් ආරාධිතයෝ සහ විද්වතුන් 400කට ආසන්න පිරිසක් ඊට එක් ව සිටිති. “ඩිජිටල් යුගය සහ ශිෂ්ටාචාර අතර සහජීවනය” යන තේමාව යටතේ ඔවුන් මෙහිදී උද්යෝගිමත් ව අදහස් හුවමාරුවක නිරත විය.

ඩිජිටල් තාක්ෂණයන් ගෝලීය පාලනය සහ තිරසාර සංවර්ධනය බලගැන්වීමට මෙන්ම ශිෂ්ටාචාර අතර සමගිය සහ පොදු සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට හැකි ආකාරය පිළිබඳව ඔවුහු එහිදී සාකච්ඡා කළහ.