25 වන චීන ජාත්‍යන්තර ආයෝජන සහ වෙළඳ ප්‍රදර්ශනය අද (08) Fujian පළාතේ Xiamen නගරයේදී පැවැත්විණ. “අනාගත ආයෝජන සඳහා චීනය සමඟ අත්වැල් බැඳ ගනිමු” යන්න මෙහි තේමාවයි.
මෙම ප්‍රදර්ශනය සඳහා රටවල් සහ කලාප 120කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධාන 11ක නියෝජිතයින් ආකර්ෂණය කර ඇති අතර, ඒ අතරින් රටවල් සහ කලාප 51ක් ප්‍රදර්ශන කුටි ඉදිරිපත් කරමින් ඊට එක්ව සිටී. “චීනයේ ආයෝජනය කිරීම”, “චීන ආයෝජන” සහ “ජාත්‍යන්තර ආයෝජන” යන ප්‍රධාන අංශ තුන කේන්ද්‍ර කරගනිමින් මෙහි ප්‍රදර්ශන කුටි පිහිටුවා ඇත. එමෙන්ම, “ලෝක ආයෝජන වාර්තාව 2025 (චීන අනුවාදය)” සහ “RCEP රටවල වෙළඳ ණය පරිසර විශ්ලේෂණ වාර්තාව” ඇතුළුව බලයලත් වාර්තා 21 ක් ද මෙහිදී නිකුත් කිරීමට නියමිතයි.