චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 39 වන අප්රිකා සංගම් සමුළුව වෙත සුබ පැතුම් එක් කරයි. හෙතෙම අද(14) අප්රිකා සංගමයේ වාරික සභාපති, ඇගොලාවේ ජනාධිපති João Manuel Gonçalves Lourenço සහ අප්රිකා සංගමයේ කමිටු සභාපති Mahamoud Ali Youssouf යන මහත්වරුන් වෙත සුබ පණිවුඩයක් යොමු කරමින්, සමුළුවේ ආරම්භය වෙනුවෙන් අප්රිකානු රටවලට සහ එහි ජනතාවට සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.
ගෙවුණු වසර තුළ, අප්රිකා සංගමයේ ප්රධානත්වයෙන් අප්රිකානු රටවල් ඒකීයකරණ ක්රියාදාමය සක්රිය ලෙස තහවුරු කර ඇති බවත්, අප්රිකාවේ සාධාරණ අයිතිවාසිකම්ද ස්ථිර ලෙස සහතික කර ඇති බවත් ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේය. චීනය හා අප්රිකාව අතර රාජ්යතාන්ත්රික සබඳතා ස්ථාපිත කර ගතවූ වසර 70 තුළ, දෙපාර්ශ්වය සැමවිටම එක්ව ඉදිරියට ගමන් කර ඇත. අප්රිකාව සමග එක්ව, ඓතිහාසික සබැඳියාව උරුම කර දෙමින් සහයෝගීතා පුළුල් කිරීමටත් නවයුගයේ සර්වකාලීන පොදු ඉරණමක් සහිත චීන-අප්රිකා ප්රජාවක් ගොඩනැංවීම තහවුරු කිරීමටත් චීනය සූදානම් බවද චීන ජනාධිපතිවරයා සිය සුබ පැතුම් පණිවුඩයේ සඳහන් කළේය.