ලෝක ආර්ථික ප්‍රකෘතිය සහ ගෝලීය වෙළඳ සංවර්ධනය ඒකාබද්ධව ප්‍රවර්ධනය සඳහා මෙක්සිකෝව චීනය සමඟ කටයුතු කරනු ඇතැයි චීනය අපේක්ෂා කරයි.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Lin Jian මහතා අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව පැවසීය.
චීනය ඇතුළු ඇතැම් ආසියානු රටවල නිෂ්පාදිත මෝටර් රථ සහ තවත් නිෂ්පාදන සඳහා 50% දක්වා තීරු බදු පැනවීමට මෙක්සිකෝව සැලසුම් කරන බව වාර්තා වී තිබේ.
ඒ පිළිබඳව අදහස් පළ කරමින් Lin Jian මහතා පැවසුවේ, හවුල් ප්රතිලාභ හා සහභාගිත්වයෙන් යුතු ආර්ථික ගෝලීයකරණය වෙනුවෙන් සැමවිටම පෙනී සිටින චීනය, විවිධ ආකාරයෙන් පෙන්නුම් කෙරෙන ඒකපාර්ශ්වවාදයට හා ආරක්ෂණවාදයට විරුද්ධ වන බවයි.
නොයෙකුත් බලහත්කාරී හේතු ඉදිරිපත් කරමින් සීමාවන් පනවා චීනයේ නිත්‍යානුකූල අයිතිවාසිකම්වලට හානි කිරීම සම්බන්ධයෙන් මෙක්සිකෝවට තරයේ විරෝධය පළ කරන අතර සැබෑ තත්ත්වයන් මත පදනම්ව චීනය තම අයිතිවාසිකම් දැඩිව ආරක්ෂා කරනු ඇති බව ද Lin Jian මහතා වැඩිදුරටත් කියා සිටියේය.