7 වන Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය පැවැත්වෙයි

චීනයේ ෂංහයි නගරයේ දී ආරම්භ වූ 7වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනයට සමගාමීව 7 වන Hongqiao ජාත්‍යන්තර ආර්ථික සංසදය ද ආරම්භ වී තිබෙනවා.

ඉහළ මට්ටමේ විවෘතභාවය මත එල්බ සිටිමින් සහභාගීත්ව ආර්ථික ගෝලීයකරණය පොදුවේ තහවුරු කිරීම’ මෙම සංසදයේ ප්‍රධාන තේමාවයි.

ඊට අනුබද්ධව තවත් සංසද 19ක් ද පැවැත්වෙන බවයි චීන මාධ්‍ය පවසන්නේ.

ඉන් ‘ලෝක වෙළඳ සංවිධානයේ දශක 3 සහ චීනය, ඉතිහාසය හා විපර්යාසය’ යන අනුබද්ධ සංසදය ඊයේ(05) පැවැත්විණ.

චීනය ලෝක වෙළඳ සංවිධානයට එක්වීමෙන් පසු ලෝක ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලබා දී ඇති ඉහළ දායකත්වය එම සංසදයට එක්ව සිටි විවිධ පාර්ශ්වයන්ගේ ඇගයීමට ද ලක් විය.