ජපන් ආක්‍රමණික හමුදාවට අයත් 731 ඒකකයේ අතිශය බිහිසුණු සිදුවීමක් අළලා නිර්මාණය කෙරුණු “731” නම් චිත්‍රපටයේ මංගල දර්ශනය අද(17) ඊසානදිග චීනයේ Heilongjiang පළාතේ Harbin නගරයේදී පැවැත්විණ.
දෙවැනි ලෝක යුධ සමයේ, ජපන් ආක්‍රමණික හමුදාවට අයත් 731 ඒකකය, රසායනික් අවි යුද්ධය දියත් කොට මනුෂ්‍යත්වයට එරෙහිව බරපතල කුරිරු ක්‍රියා සිදු කළේය.
සංඛ්‍යාලේඛනවලට අනුව, 1940 සිට 1945 දක්වා කාලය තුළ, චීනය, සෝවියට් සංගමය, උතුරු කොරියාව සහ අනෙකුත් රටවලින් අවම වශයෙන් 3000 දෙනෙකු පමණ “ජීවමාන පර්යේෂණාත්මක ද්‍රව්‍ය” ලෙස භාවිත කර ඇත. අද වන විට, 731 ඒකක නටබුන් ලෝක යුද්ධ ඉතිහාසයේ විශාලතම සහ සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කර ඇති රසායනික අවි නටබුන් වේ.
“731” නම් චිත්‍රපටය හෙට(18) සිට චීනය පුරා තිරගත වීමට නියමිතය. ජපන් ආක්‍රමණයට එරෙහි චීන මහජන යුද්ධයේ ආරම්භය සනිටුහන් කළ ‘සැප්තැම්බර් 18 වන දින’ සිද්ධියේ 94 වන සංවත්සරය හෙටට යෙදේ. ඊට සමගාමීව, ඉතිහාසය මතක තබා ගෙන සාමය අගය කිරීම සිහිත් කිරීමක් ලෙසට මෙම චිත්‍රපටය ලොව පුරා තිරගත වීමට නියමිතය.