8 වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) එළඹෙන 5 වනදා සිට 10 වනදා දක්වා චීනයේ ෂංහයි නගරයේ දී පැවැත්වීමට නියමිත ය.
ජෝර්ජියානු අගමැති Irakli Kobakhidze, සර්බියානු අගමැති Đuro Macut, නයිජීරියානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක Abbas Tajuddeen සහ ස්ලොවේනියානු ජාතික කවුන්සිලයේ සභාපති Marko LOTRIČ යන විදෙස් නායකයින් ද එහි සමාරම්භක උත්සවය හා අදාළ වැඩසටහන් සඳහා සහභාගි වනු ඇත.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු අද (3) මේ බව ප්‍රකාශ කළේය.