8 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය සඳහා සූදානම් කිරීමේ කටයුතු සාර්ථකව සිදු වෙමින් පවතී. මෙවර ප්‍රදර්ශනයේ ගිවිසුම්ගත ප්‍රදේශය වර්ගමීටර් 220,000 ඉක්මවා ඇති අතර එය සැලසුම් කළ ප්‍රදේශයෙන් 60% කට වඩා වැඩි බවත් චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශන කාර්යාංශය ඊයේ(17) ප්‍රකාශ කළේ ය.
වාර්තාවලට අනුව, 8 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වර්ග මීටර් ලක්ෂ 3.6 ක විශාල පරිමාණය පවත්වාගෙන යනු ඇත. එම ප්‍රදර්ශනය කෘත්‍රිම බුද්ධි අත්දැකීම් සම්බන්ධ ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමටත්, “ආකර්ශනීය නගර” නමැති නව අංශයක් ද එක් කිරීමට අපේක්ෂා කෙරේ. සංස්කෘතික හුවමාරු ප්‍රවර්ධනය කිරීම සඳහා විදේශීය නගරවලට ඔවුන්ගේ අද්විතීය සංස්කෘතිය ප්‍රදර්ශනය කිරීමට ආරාධනා කෙරෙනු ඇත.
එමෙන් ම, සංවර්ධනය වෙමින් පවතින රටවල උසස් තත්ත්වයේ විශේෂිත නිෂ්පාදන සඳහා වැඩි ඉඩක් ලබා දී ඇති අතර කුඩා හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායන් වැඩි ප්‍රමාණයකට ප්‍රදර්ශනයට සහභාගී වීමට අවස්ථාව හිමි වේ. චීන වෙළඳපල ඉල්ලුමට හැඩගැසෙමින් ඒ සමග සම්බන්ධ වීමට මෙවරත් අවස්ථාව උදා වනු ඇත.