චීනය තුළ සිය ව්‍යාපාරික කටයුතු පුළුල් කළහොත්, එය සිය අනාගතයට මනා ආයෝජනයක් යැයි චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක ගුවෝ ජ්‍යාකුන් මහතා ප්‍රකාශ කළේය. ඔහු එසේ ප්‍රකාශ කළේ අද(9) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.
මෑතකදී බොහෝ විදේශ සමාගම් චීනයේ වැඩි ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කරන බව ප්‍රකාශයට පත් කර ඇත. ජපන් මෝටර් රථ සමාගම් චීනයේ විදුලි වාහන නිෂ්පාදන කම්හල් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළ අතර, ජර්මානු මෝටර් රථ සමාගම් චීන මෝටර් රථ සමාගම් සමග විශාල සහයෝගීතාවයකට පැමිණ තිබේ. ප්‍රංශ ඖෂධ සමාගම් ද චීනයේ නව නිෂ්පාදන මධ්‍යස්ථාන පිහිටුවා ඇතැයි සඳහන් කළ මාධ්‍යවේදියෙක් මේ සම්බන්ධව චීනයේ අදහස විමසා ඇත.
විදේශ ව්‍යවසායන් චීනයේ ආයෝජනය පුළුල් කිරීමෙන්, චීන-විදේශ ආර්ථික වෙළඳ සහයෝගීතාවයේ අන්‍යෝන්‍ය වාසිදායක සහ ජයග්‍රාහී ස්වභාවය නැවත වරක් පිළිබිඹු වූ බව ගුවෝ ජ්‍යාකුන් මහතා පැවසීය. චීනයේ ආර්ථිකයේ ස්ථාවර වර්ධනය සහ අඛණ්ඩව පුළුල් වූ ඉහළ මට්ටමේ විවෘතභාවය, චීනයේ ආයෝජනය කිරීමට විදේශ ආයෝජකයින්ට විශාල විශ්වාසයක් ගෙන දෙයි. චීනයේදී අවස්ථා ගවේෂණය කරමින් චීනයේ සංවර්ධනයෙන් ප්‍රතිලාභ ලබා ගන්නා අතර පොදු ජයග්‍රාහී ප්‍රතිඵල අත්කර ගැනීමට සියලු රටවල් පිළිගන්නා බව ද එම ප්‍රකාශකයා සඳහන් කර ඇත.