නව අධිකරණ නීති සමඟින් පෞද්ගලික අංශයේ සංවර්ධනය ප්‍රවර්ධනයට චීනය සූදානම්

පෞද්ගලික අංශයේ සංවර්ධනය නිසි ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අධිකරණ සහ විනිශ්චය කටයුතු පිළිබඳ මාර්ගෝපදේශමාලාවක් නිකුත් කෙරේ.

මෙය රට තුළ පෞද්ගලික අංශයේ යහපත් සංවර්ධනය වඩාත්හොඳින් සහතික කිරීම අරමුණු කර ගෙන ඇත‍.

ප්‍රායෝගික ගැටළු විසඳීමටත්, නීතිය නිසි ලෙස සහ ස්ථාවරවක්‍රියාත්මක වන බව සහතික කිරීමටත් හැකි වන සේ,සවිස්තරාත්මක නීති මාලාවක් මෙම මාර්ගෝපදේශ සඳහා ඇතුළත්කර ඇති බව චීන මහජන ශ්‍රේෂ්ථාධිකරණය නිවේදනයක් නිකුත්කරමින් දැනුම් දී තිබේ.

එමෙන්ම අදාළ ආයතන වෙත අපක්ෂපාතීව මෙන්ම සමානවසැලකීම, පෞද්ගලික අංශයේ නිත්‍යානුකූල මෙහෙයුම් මෙහෙයවීම යනාදිය සමගින් යුක්තිය සහතික කිරීම සහ සාධාරණ අධිකරණපද්ධතියක් ගොඩනැගීම සඳහා වන අධිකරණ කටයුතු ආවරණයකරන ලිපි 25 කින් අදාළ නීති රීති සමන්විත වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.

චීනයේ ඉහළම ව්‍යවස්ථාදායකය අප්‍රේල් මාසයේදී පෞද්ගලිකඅංශය ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූ රටේ පළමු මූලික නීතියසම්මත කළ අතර, එය මැයි 20 වන දින සිට ක්‍රියාත්මක වේ.