මෙම වසරේ අගෝස්තු 31 සිට සැප්තැම්බර් 01 දක්වා චීනයේ ටියැන්ජින් නගරයේදී ෂංහැයි සහයෝගිතා සංවිධානයේ (SCO) නායක සමුළුව පැවැත්වීමට නියමිතව තිබේ. එහි සියලු සාමාජිකයින් වන 20කට වැඩි රටවල නායකයින් සහ ජාත්‍යන්තර සංවිධාන 10ක ප්‍රධානීන් ද මෙවර සමුළුවට සහභාගී වනු ඇතැයි චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi මහතා අදාළ ආරාධනයකට අනුව, එම සමුළුවට එක් වී චීනයේ නිල සංචාරයක නිරත වනවා ද යන්න පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.
මෙවර SCO හි ටියැන්ජින් සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අගමැති Narendra Modi මහතා චීනයට සාදරයෙන් පිළිගන්නා බව Guo Jiakun මහතා පැවසීය. මෙවර ටියැන්ජින් නායක සමුළුව, ෂංහයි සහයෝගිතා සංවිධානය ස්ථාපිත කිරීමෙන් පසු පැවැත්වෙන විශාලතම සමුළුව වනු ඇතැයි ද චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා පෙන්වා දුන්නේය.