මැදපෙරදිග සාමය ප්‍රවර්ධනයත් සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීමත් වෙනුවෙන් සිය හඬ නතර නොකරන බව චීනය අවධාරණය කරයි

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකයෙකු සහ මැදපෙරදිග රටවල අවංක මිතුරෙකු ලෙස,චීනය සාමය ප්‍රවර්ධනය කිරීමේ උත්සාහයන් නතර නොකරන අතර සාධාරණත්වය සහ යුක්තිය ආරක්ෂා කිරීම සඳහා ද සිය හඬ නතර නොකරනු ඇත. අද (11) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී, ඉරානයේ තත්ත්වය පිළිබඳව වාර්තාකරුවෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක Guo Jiakun මහතා මේ බව පැවසීය.

යුද්ධය ආරම්භ වූ පළමු දිනයේ සිටම චීනය සටන් විරාමයක්,සංවාදයක් සහ සාකච්ඡා සඳහා නැවත පැමිණීමේ අවශ්‍යතාවය මෙන්ම දේශපාලන විසඳුමක් ඉල්ලා සිටින බව ද පැහැදිලි කර ඇතැයි ඔහු පැවසීය. මැදපෙරදිග ගැටලුව පිළිබඳ සාකච්ඡා සඳහා පත් කර සිටින චීන රජයේ විශේෂ නියෝජිතයා මේ වනවිට මැදපෙරදිග කලාපයේ සංචාරයක නිරතව සිටී. ගැටුමට සම්බන්ධ රටවල් ඇතුළුව අදාළ සියලු පාර්ශ්වයන් සමඟ සන්නිවේදනය ශක්තිමත් කිරීම සහ ආතතීන් ලිහිල් කිරීම මෙන්ම සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඵලදායී කාර්යභාරයක් ඉටු කිරීම චීනය අඛණ්ඩව සිදුකරන බවත් එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.