තීන්දු තීරණ හා නීති රැසකට අනුමැතිය දෙමින් 14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය අවසන් වේ

14 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වන සැසිවාරය සාර්ථකව නිමාවට පත් වෙයි. සැසිවාරයේ සමාප්ති සම්මේලනය අද (12) සවස 03:00ට බෙයිජිංහි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම්, ජනාධිපති, මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රජයේ නායකයෝ එම අවස්ථාවට එක්වූහ. එහිදී ෂී ජින්පිං මහතා අංක 70, 71, 72, 73 දරන ජනාධිපති නියෝගයන්ට අත්සන් තැබීය. සම්මේලනයේ මුලසුන, සිව්වන සැසිවාරයේ සභාපති මණ්ඩලයේ ස්ථාවර සභාපති Zhao Leji මහතා විසින් දරනු ලැබීය.

පසුගිය 05 වනදා චීන අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කෙරුණු 2025 වසරේ රාජ්‍ය කාර්ය වාර්තාව සම්මත කිරීම එහිදී ඡන්ද විමසීමකින් සිදු කෙරිණ. එමෙන්ම, චීන ජාතික ආර්ථික හා සමාජ සංවර්ධනය සඳහා වූ ’15 වන පස් අවුරුදු (2026-2030) සැලැස්ම’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජෛව පරිසර නීතිය’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජනවාර්ගික සමගිය හා ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීමේ නීතිය’, ‘චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික සංවර්ධන සැලසුම් නීතිය’, 2025 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවීමේ වැඩපිළිවෙළ සහ, 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම ද, එහිදී ඡන්ද විමසීම්වලින් සම්මත කෙරිණ. 2026 වසරේ ජාතික ආර්ථික හා සමාජ සංවර්ධන සැලැස්ම වෙත අනුමැතිය ලබා දීම ද මෙහිදී සිදු විය.

තවද, 2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ ප්‍රාදේශීය අයවැය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළ මෙන්ම 2026 වසරේ එහි අයවැය පිළිබඳ තීරණ සම්මත කිරීම ද මෙහිදී සිදු කෙරිණ. එමෙන්ම 2026 වසරේ මධ්‍යම කාරක සභාවේ අයවැය වෙත ද අනුමැතිය ලබා දී තිබේ.

අනතුරුව, චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ කාර්ය වාර්තාව, මහජන ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය වාර්තාව සහ උත්තරීතර මහජන නීති නියාමනායතනයේ කාර්ය වාර්තාව ද එහිදී ඡන්ද විමසීමකින් සම්මත කර ඇත.

ඊට අමතරව, නීති චක්‍රලේඛන අධීක්ෂණය කරමින් සකස් කිරීම හා අදාළ නීති චක්‍රලේඛන මෙන්ම තීන්දු තීරණවලට ප්‍රතිචාර දැක්වීම පිළිබඳ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ වාර්තාව ද එහිදී ඡන්ද විමසීමකින් සම්මත කෙරිණ.

ඉන් පසුව, Zhao Leji මහතා සම්මේලනයේදී දේශනයක් පැවැත්වීය. මෙම සිව්වන සැසිවාරය ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ බවත්, නීතියට අනුකූලව කටයුතු කළ බවත්, එමඟින් පුළුල් එකඟතාවයකට පැමිණි බවත් ඔහු පැවසීය. එය එකමුතුකම සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග සමඟින් ඉදිරියට යාමට පොදු අධිෂ්ඨානයකින් යුතුව පෙරමුණ ගත් සැසිවාරයකි. එහිදී සකස් කරන ලද විධිවිධාන හා සැලසුම්වලට අනුකූලව, සියලු කාර්යයන් ස්ථිර හා ඵලදායී ආකාරයකින් ක්‍රියාත්මක කළ යුතුය. “15 වන පස් අවුරුදු සැලසුම්” කාලයේ මනා ආරම්භයක් සාක්ෂාත් කර ගැනීමටත් ශ්‍රේෂ්ඨ දැක්ම ක්‍රමයෙන් සුන්දර යථාර්ථයක් බවට පත් කිරීමටත් උත්සාහ දැරිය යුතු බව ද ඔහු අවධාරණය කළේය. ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයන් ජනතාවගේ අවශ්‍යතා සහ කැමැත්ත නියෝජනය කළ යුතු බවත් නීතියට අනුකූලව තම රාජකාරි වගකීම් ඉටු කොට ජනතාව සමඟ සමීප සබඳතා පවත්වා ගත යුතු අතර, තම තනතුරුවල කාර්යභාරයන් නිසි ලෙස ඉටු කරමින් දායකත්වයන් ලබා දිය යුතු බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

එම සැසිවාරය එහි න්‍යාය පත්‍රයේ සඳහන් විවිධ කාර්යයන් සම්පූර්ණ කිරීමෙන් පසු නිමාවට පත් විය.