ඉරානය වෙත චීනයෙන් මානුෂීය ආධාරයක්

ඉරාන රතු අඩසඳ සංගමය වෙත ඇ.ඩො. ලක්ෂ දෙකක වටිනාකමින් යුත් හදිසි මානුෂීය ආධාරයක් සැපයීමට චීන රතු කුරුස සංගමය පියවර ගනී. ඒ, පසුගියදා එහි පාසලකට ගුවන් ප්‍රහාරයක් එල්ල වීමෙන් මිය ගිය සිසුන්ගේ පවුල් වෙත සංවේගය දැක්වීම සඳහා ය. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක Guo Jiakun මහතා අද (13) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය.

චීනය එම ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූ සිසුන් පිළිබඳව ශෝකය පළ කරන බව පැවසූ ඔහු, පාසල් හා ළමුන්ට එරෙහිව ප්‍රහාර සිදු කිරීම, මානව ආචාර් ධර්මයන්ට හා මනුෂ්‍යත්වයට දැඩිව ‍එරෙහි වීමක් බව ද කියා සිටියේය. එබැවින් මනුෂ්‍යත්වය ප්‍රමුඛ කොට ගනිමින් ඉරානය වෙත අවශ්‍ය උපකාර අඛණ්ඩව ලබා දීමට චීනය සූදානම් බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.