2026 චීන වසන්ත උත්සව සමයේ ගමනාගමනයට අදාළ කාර්යබහුලතම කාලය (පෙබරවාරි 02 වන දින සිට මාර්තු 13 වන දින දක්වා) තුළ දේශීය සංක්‍රමණ වාර ගණන බිලියන 9.41ක් බව ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දී ඇත.
එය පසුගිය වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව 4.3%ක වැඩිවීමක් වන අතර නව ඓතිහාසික වාර්තාවක් පිහිටුවීමක් ද බව වාර්තා විය.
චීන සිවිල් ගුවන් සේවා පරිපාලනයට අනුව, 2026 වසරේ චීන වසන්ත උත්සව සමය තුළ ගමනාගමනයට අදාළ කාර්යබහුලතම කාලය අතරතුර, චීන ජාතික සිවිල් ගුවන් සේවයට අනුයුක්ත ප්‍රවාහන සේවා භාවිතයෙන් මගීන් ගමන් කළ වාර ගණන මිලියන 94.39කි. එය 2025 වසරේදී එම කාලයට සාපේක්ෂව 4.6%ක වැඩිවීමක් වන අතර එම කාලය තුළ මගීන් සහ ගුවන් ගමන් සංඛ්‍යාව ඉතිහාසයේ වාර්තාගත ඉහළම මට්ටමකට ද ළඟා වී ඇත.