Boao ආසියානු සංසදයේ 2026 වාර්ෂික සමුළුව මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා චීනයේ Hainan පළාතේ Boao හිදී පැවැත්වේ.
මෙවර වාර්ෂික සමුළුවෙහි තේමාව “නව ප්‍රවණතා, නව අවස්ථා සහ නව සහයෝගිතා සමඟින් අනාගතය එක්ව හැඩගස්වමු” වන අතර ඊට මූලික මාතෘකා හතරක් ද ඇතුළත් වේ.
සමුළුව සඳහා උප සංසද 50කට අධික සංඛ්‍යාවක්, වටමේස, සංවාද ඇතුළු ක්‍රියාකාරකම් ද සැලසුම් කර ඇත. මෙවර වාර්ෂික සමුළුව සඳහා සියලු කටයුතු මේ වනවිට සූදානම් කර අවසන් වන අතර, එහි ප්‍රවෘත්ති මධ්‍යස්ථානය අද (23) පස්වරුවේ නිල වශයෙන් විවෘත කෙරේ.