චීන-පාකිස්ථාන යෝජනාවලියට විවිධ පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරී සහභාගිත්වය චීනයේ පිළිගැනීමට

ගල්ෆ් හා මැද පෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය ස්ථාපිත කිරීම සඳහා චීනය හා පාකිස්ථානය කරුණු පහකින් සමන්විත යෝජනාවලියක් ඊයේ (31) ඉදිරිපත් කළේය.

ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(1) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී සිය අදහස් පළ කරමින් පැවසුවේ, විවෘතභාවයෙන් යුතු එම යෝජනාවලියට විවිධ රටවල් හා ජගත් සංවිධාන එක් වීම චීනය පිළිගන්නා බවයි.

ගෝලීය දකුණේ වැදගත් රටක් වන චීනය, ගල්ෆ් හා මැද පෙරදිග කලාපයේ සාමය හා ස්ථාවරත්වය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳ පොදු එකඟතාවක් ජගත් ප්‍රජාව තුළ ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වීමට කැමැත්තෙන් සිටින බව ද Mao Ning මහත්මිය පැවසුවාය.

සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සඳහා චීනය අඛණ්ඩව සංවර්ධනත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඇය සඳහන් කළාය.